සැලව රජමහ විහාරය ඉබි යතුරුවලින් වසා දැමීම හේතුවෙන් අද (05දා) පෝයදා සීල් සමාදන් වන උපාසික උපාසිකාවන් සියයක් අසරණවී ඇති බව අරණායක සැලව රජමහ විහාරයට ගිය අපට දැක ගැනිමට හැකිවිය.
ගම්වැසියන් හා දිවයිනේ නම් දෙසින් බෞද්ධ උපාසක උපාසිකාවන් සියයකට වඩා වැඩි පිරිසක් සීල් සමාදන් වූ මහනුවර යුගයේදී ලියවුණු සිරිලක රාජ පරම්පරාවේ අවසන් සෙල්ලිපිය ඇති පුංචි දඹුල්ල ලෙස හඳුන්වන සැලව රජමහ විහාරය උතුම් පොහෝය දිනයේද ඉබි යතුරුවලින් වසා දැමීම නිසා ආගමික වතාවත් සිදු කරගැනීමට නොහැකිව බැතිමත්හු අසරණව සිටිති.
සැලව රජමහා විහාරස්ථානය ඉබි යතුරුවලින් විහාරාස්ථානය වසා දමා ඇත්තේ පසුගිය සැත්තැම්බර් 15 වැනි දිනයේදීය. සැලව රජමහ විහාරය මෙසේ වසා ඇත්තේ භාරකාරීත්වයේ ප්‍රශ්නයක් මුල් කරගනිමින් වන අතර, ගම්වාසීන් සඳහන් කරන්නේ, මල්වතු විහාරය මගින් මෙහි භාරකාරීත්වය ගිහි භාරකරුවෙකුට පවරා ඇති බවයි.
ඔහු විහාරස්ථානයට අයිති 65 අමුණක අයිතිය වෙනුවෙන් තම ආදායම් තර කරගැනීමට ඔහු විසින්ම රඳවා තැබූ පැවිදි ස්වාමින් වහන්සේ පසු කාලයේ ඔහුට මේ සම්බන්ධයෙන් යම් යම් කොන්දෙසි දැමීම නිසා මෙ ගැටලුව උග්‍ර අතට හැරුණු බවයි.
මෙම ප්රශ්නය මුල් කර ගනිමින් ගම කොටස් දෙකකට බෙදී ඇති අතර එයින් දායක පවුල් විශාල දෙනෙක් විහාරස්ථානය ආගමික කටයුතු කරගෙන යෑමට හා විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් දැනට වැඩ වාසය කරන හිමිපාණන් වහන්සේ අවශ්‍ය බව පවසමින් මේ වනවිට විශාල අරගලයක නිරතවී සිටිති.
මාවනැල්ල - හෙම්මාතගම විජය බංඩාර