ඇටම්පිටිය, ඇල්ලෙවෙල වත්ත ප්රදේශයේ කාන්තාවක විසින් සිය සැමියාට පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. අද (21දා) පෙ.ව. 8.30ට පමණ මෙම ඝාතනය සිදුකර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
හිසට සිදුවූ පහරදීමකින් ඝාතනය සිදුව ඇති අතර මරණයට පත්ව ඇත්තේ අවුරුදු 46 ක් නඩරාජා ආජේන්ද්රන් නැමැති පුද්ගලයකි.