මෙරට සියලුම ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක් කිරීම අනිවාර්ය කරන අතර එයට පහසුකම් සලසන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ සියල්ල සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන නමුත් දීර්ඝ කාලීන වශයෙන් බෝ නොවන රෝග අවම කර ගැනීමට හැකිවන බැවින් එය රටට ඉතා වාසිදායක වනු ඇති බව හෙතෙම පෙන්වා දුන්නේ අද (09) ලෝක සෞඛ්‍ය සංවිධානයේ 69වන නැගෙනහිර ආසියානු කලාපීය කමිටු සැසිවාරය අවසන්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඒ අනුව 2018 වනවිට මෙම වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසීමට හා එමගින් 2020 වන විට බෝ නොවන රෝග 10%න් අඩුකර ගැනීමට බලාපොරොත්තුවන බවටත්,එය 2025 වනවිට 20% දක්වා අඩුකර ගැනීමට හැකිවනු ඇති බවටත් අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.