මැයි 08 වැනිදායින් පසු සැබෑ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය 70ක් දක්වා ඉහළ යන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
මේ නිසා විපක්ෂනායක ධුරය හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය තම කණ්ඩායම සතු කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව එම සංවිධානයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේය.
මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය තුළ මන්ත්‍රීවරුන් 54 දෙනෙකු සිටින බවත්, ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා විපක්ෂයේ වාඩිවීමත් සමග සැබෑ විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 70 දක්වා ඉහළ යන බවත් ඔහු පවසා සිටියේය.
විපක්ෂනායකධුරය තම කණ්ඩායම හිමිකරගෙන විපක්ෂයේ සැබෑ කාර්යභාරය ඉටුකරන බවත්, එහෙත් මේ වනවිට පාර්ලිමේන්තුව පිළිගන්නා විපක්ෂ නායකධුරය තුළින් යුතුකම ඉටු නොවන බවද ඒ මහතා කියා සිටියේය.
මීට අමතරව සෑමවිටම ආණ්ඩුව ආරක්ෂා කරන ලෝකයේ එකම විපක්ෂය ලෙසද මෙම කණ්ඩායම නම් වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.