වැල්ලව , පේද්දව මාර්ගයේ දැදුරුඔයේ සපත්තු පාලමේ ජල පහරට හසුවූ ත්රිරෝද රථයක් හා පුද්ගයන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි. සිද්ධිය සිදුවන අවස්ථාවේදි ත්රි රෝද රථයේ ගැහැණු ළමයෙකු හා පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සිට ඇත.
කෙසේ වෙතත් ගහැණු ළමයා හා තවත් පිරිමි පුද්ගලයෙකු දිවි බේරා ගැනිමට සමත්ව තිබේ. අනෙක් දෙදෙනා හා ත්රිරෝද රථය තවමත් අතුරුදන් බව පොලීසිය පවසයි. අද (04දා) අලුයම මෙම අනතුර සිදුව තිබේ.