හෙරොයින් කිලෝග්‍රෑම් එකහමාරක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාර්තු 02 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් බම්බලපිටිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී හෝටලයක රැඳීසිටි පකිස්තානු ජාතිකයෙකු සහ ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකක් අත්අඩංගුවට ගනු ලැබිණි.
මීට අමතරව වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 500ක් සමග මීගමුවේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පාකිස්තානු ජාතිකයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයටත්, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණටත් ඉදිරිපත් කර රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ නියෝග ලබාගෙන තිබේ.