පොලිස් ආරක්ෂාව මැද සිටි සැකකරුවෙකු පලායාම හේතුවෙන් මන්නාරම පොලීසියේ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි මාර්තු මස 03 වැනිදා සිට අත්හිටුවා තිබේ.
මන්නාරම පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ ආරක්ෂාව මැද රෝහල්ගත කොට සිටියදී මාර්තු 02වැනිදා රාත්රියේ රෝහලෙන් පැන ගොස් තිබේ.
මන්නාරම ප්රදේශයේ ගෙවල් බිඳුම් හා මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවෙන් පැනගොස් තිබේ.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කොට ඇත.