ගංජා ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමක් ගමන්ගත් ජීප් රථයක් හා ටිපර් රථයක් මාතර වැලිගමදී එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර අනතුරින් ජීප් රථයේ ගමන් ගත් පොලිස් කොස්තාපල්වරයෙකු, පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකු හා සැකකරු තුවාල ලබා තිබේ.
බරපතළ තුවාල ලැබූ උප පොලස් පරීක්ෂකවරයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි දැඩිසත්කාර ඒකකයේදී මියගොස් තිබේ.