තමා අද (11දා) පාර්ලිමේන්තුවට පැමිණෙන අතරතුර ස්ථාන තුනකදී පොලිස් නිලධාරීන් නිල රථය නතර කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රී සාලින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට යන අතරතුර මෙම අත්දැකීමට මුහුණ දුන් බවත්, ඒ හේතුවෙන් සභාවට පෙත්සම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව මගහැරී ගිය බවත් හෙතෙම පවසා සිටියේය.
පසුව කථානායකවරයා එම අවස්ථාව ලබාදීමට කටයුතු කළේය.