සාලාව ව්‍යසනයෙන් නැතිවූ සියලු දෙනාම වන්දි ලබාදෙන ලෙසත්, ජනතාව ජීවත්වන ප්‍රදේශවලින් අවි ගබඩා ඉවත් කරන ලෙසත් ඉල්ලා අද (08දා) දවස පුරා කොස්ගමදී සහ හංවැල්ලේදී අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් සිදුකරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
පෙරවරු කාලයේදී කොස්ගම නගරය අවට අත්පත්‍රිකා බෙදීම සිදුකරන බවත්, සවස 2.00 සිට රාත්‍රිය වනතුරු හංවැල්ල නගරයේදී අත්පත්‍රිකා බෙදන බවත් ඒ මහතා සඳහන් කළේය.