සාලාව කඳවුර තුළ සිදුවූ පිපිරීම නිසා විපතට පත් ජනතාව සඳහා වන්දි ලබාදීමට මේ වන විට රුපියල් මිලියන 1206.8ක මුදලක් වියදම් කර තිබෙන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම මුදලින් රුපියල් මිලියන 320.6ක් වියදම් කර තිබෙන්නේ චංචල දේපළ හානි සිදුවූ නිවාසලාභීන් 940කට වන්දි ලබාදීමට බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මීට අමතරව තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 10ට වැඩි නිවාස 285ක් සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 588.8ක්ද වියදම් කර තිබේ.