සාලාව දේපොළ වන්දි ලබාදීමේ කිසිදු මූල්‍යමය ගැටලුවක් නොමැති බවත්, ඇස්තමේන්තු කිරීම් 90%ක් අවසන් බැවින්, ඇස්තමේන්තු මුදලින් 50% ක් ඉදිරි සතියේ ලබාදෙන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ සාලාව කඳවුරේ පිපිරීම හේතුවෙන් හානියට පත් දේපොළ සඳහා වන්දි ලබාදීම සම්බන්ධයෙන් පසුගිය 15 වැනිදා මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.