කොස්ගම - සාලාව කඳවුරේ පතොරම් ගබඩාව පුපුරා යෑමෙන් ආලභ හානියට පත් නිවාස 566 ක්ආරක්ෂක අංශවල දායකත්වයෙන් කඩිනමින් අලුත්වැඩියා කොට හිමිකරුවන්ට බාරදීමට හැකිවූ බව යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
එමෙන්ම නිවාස 71 ක අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් පවතින අතර, එම නිවාස ප්රතිසංස්කරණයෙන් පසු පිපුරුම හේතුවෙන් සුළු අලාභ හානි සිදුව තිබූ සියලු නිවාස යථා තත්ත්වයට පත්කිරීමට හැකිවන බවද ඔහු කීය.
තවද නාවික හමුදා සාමාජිකයන්ගේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව පිරිසුදු කළ ප්‍රදේශයේ ළිං1581 ක් පානීය ජලය සඳහා සුදුසු බවට තහවුරු කරනු ලැබූ අතර, ඒවා පිරිසුදුකර නැවත භාවිතය සඳහා පත්කොට ඇති බවද ජයවීර මහතා පැවසීය.
තවද මේවනවිට ප්‍රදේශයේ විසිරී ගිය උණ්ඩ කොටස් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එවැනි කොටස් ඇති බවට යම් අයෙකුට නිරීක්ෂණය වුවහොත් වහාම ආරක්ෂක අංශවෙත දැනුම්දෙන ලෙසද ජයවීර මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.