පාසල් සිසුන් යොදවා දේශපාලන හා නොයෙක් ප්‍රවර්ධන වැඩ වලට යොදවා ගැනිම කිසිසේත් අනුමත නොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා පවසයි.
මංගල උත්සවයක අංගයකට සාරි පොට ඔසවා ගෙන සිටීමට පාසැල් ළමුන් සහභාගි කරවා ගැනීම කිසිසේත් නුසුදුසු ක්‍රියාවක් බවත් අලවතුගොඩ ප්‍රාථමික විද්‍යාලයේ පාසැල් සිසුවියන් 250 ක් පමණ යොදවා අද (21දා) අලුයමදි පාසල් ළමුන් සහභාගි කරවාගෙන දහවල් අවු රශ්මිය තෙක් ළමුන් සහභාගි කරවා ගැනිමෙන් ළමුන්ට අධ්‍යාපනික මට්ටමින් කුමක් ලැබුණේද යන්න මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා දෙවරක් සිතා බැලිය යුතු බවද ජෝසප් ස්ටර්ලින් මහතා පැවසිය.
මේ ආකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය දා ජනාධිපතිවරයා පිළි ගැනිමටද පාසල් සිසුන් සහභාගි කරවා ගෙන තිබුණ බවද එය නරක ආදර්ශයක් බවද ඔහු සඳහන් කළේය.