ඉන්දියාවේ සාරානාත් හි පිහිටි මූලගන්ධ කුටි විහාරයේ තැන්පත් කොට ඇති බුදුරජාණන් වහන්සේගේ අස්ථි ධාතූන් වහන්සේ සහ මදුරාසියේ නාගර්ජුන්කොන්ද්හි පිහිටි ස්ථූපයකින් ලබාගන්නා ලද ධාතූන් වහන්සේ මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවට වැඩම වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
රිදී මංජුසාවක් තුළ තැන්පත් කර ඇති පළමු වැනි ධාතූන් වහන්සේ පැරණි තක්ෂිලා නුවර ආසන්නයේ ධර්මරාජික ස්ථූපය අසල පිහිටි කුඩා බෞද්ධ විහාරස්ථානයකදී සොයාගෙන ඇති අතර, දෙවැනි ධාතූන් වහන්සේ එවකට මදුරාසි ලෙස හැඳින්වූ ජනපදයේ ගුන්තුර් දිස්ත්‍රික්කයේ නගර්ජුන්කොන්ද්හි පිහිටි විශාල ස්ථූපයක නිදන් කොට තිබියදී සොයාගෙන ඇති බව පෙන්වා දෙයි.
මේ උතුම් වූ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ධාතූන් වහන්සේලා වැඩම කරවීම වෙනුවෙන් ඉන්දීය රජය විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති බවද සඳහන් කරයි.
ඒ අනුව, කොළඹ ගංගාරාම විහරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව අරලිය ගහ මැදුරේදී බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට අප්‍රේල් 28දා සිට මැයි 02දා දක්වා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවන බවද වැඩිදුරටත් පෙන්වා දෙයි.