දකුණු ආසියානු කටයුතු පිළිබඳ එක්ව කටයුතු කිරීමට ඇති පොදු සංවිධානය වන සාර්ක් සංවිධානයේ කටයුතු අඛණ්ඩව ගැටලුවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේම ඒ පිළිබඳ තමන් ඉන්දියාවේ මෙන්ම පාකිස්තානයේ නායකයන් හමුවූ අවස්ථාවලද සාකච්ඡා පැවැත්වූ බව ඔහු කීය.
එක්සත් ජාතීන්ගේ 72 වැනි සැසිවාරයට එක්වීම සඳහා ඇමෙරිකාවට ගිය ජනාධිපතිවරයා නේපාල අග්‍රමාත්‍ය ෂෙර් බහදූර් දෙඋබා මහතා සමග පැවැති සාකච්ඡාවකදී ඊයේ (21දා) මේ බව සඳහන් කර තිබේ.
ශී‍්‍ර ලංකාව සහ නේපාලය අතර ද්විපාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරීමට නියමිත හෙයින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ මෙන්ම ආගමික සහ සංස්කෘතික සබඳතාද නව ප්‍රවේශයෙන් ඔස්සේ ඉදිරියට ගෙනයාම පිළිබඳ මෙහිදී නායකයන් දෙපළ අතර දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය කියයි.