දකුණු ආසියානු ජනතාව අතර පවතින සවිමත් සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීම සඳහා මාතර ඉදිකෙරෙමින් පවතින සාර්ක් සංස්කෘතික මාධ්‍යස්ථානය ඛෙහෙවින්ම උපකාරීවනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මාතර අක්කර 08 ක භූමි ප්‍රමාණයක ඉදිකෙරෙමින් පවතින මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිලිබඳව සාකච්ඡා කිරීමට සාර්ක් සංවිධානයේ මහලේකම් අර්ජුන් බී තාපා මහතා අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.
සංවර්ධන කාර්යයක් සඳහා සාර්ක් සංවර්ධන අරමුදලෙන් ඇමරිකන් ඩොලර් මිලියන 1.5 ක මුල්‍ය ආධාරයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවද සාර්ක් සංවිධානයේ මහලේකම්වරයා මෙහිදී ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නේය.