සාර්ක්(SAARC) තරුණ ප්රඥප්තිය අත්සන් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ඒ අනුව මෙමස 17 දින නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන සාර්ක් අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ 36 වන සැසිවාරයේදී මේසඳහා අත්සන්කෙරෙණු ඇති. මීට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත්කර තිබේ.