මොරටුව ප්‍රධාන තැපැල් කාර්යාලයේ වැසිකිළි වළක තිබී සාමාන්‍ය ලිපි දස දහසකට අධික ප්‍රමාණයක් අද (03දා) සොයාගැනිණි.
මැතිවරණ සමයේදී පක්ෂ විසින් පාක්ෂිකයන්ට යැවූ ලිපි විශාල ප්‍රමාණයක්ද මේ අතර පවතින බව වාර්තා වේ.
'අද' මේ පිළිබඳව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, අදාළ සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසට තැපැල්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළ බවද ඔහු පවසා සිටියේය.
වැඩිදුර වාර්තා ඉන්දික මනෝච්