මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සඳහාත්, ඌවේ මැතිවරණයට ඡන්දය දීමට නියමිත ජාතික හැඳුනුම්පත් නොමැති අයදුම්කරුවන් සඳහාත් ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාදීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් කඩිනම් වැඩපිළිවෙළක් දියත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඌවේ ජනතාවගෙන් මේ වනවිට අයදුම්පත් 26,000 ක් පමණ ලැබී ඇති බවත්, ඒවායින් 15,000 ක පමණ වැඩ නිමාකර හැඳුනුම්පත් ලබාදී ඇති බවත්, ඉතිරි ප්‍රමාණයේ වැඩකටයුතු මේ වනවිට කඩිනමින් සිදුකෙරෙමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසයි.