2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රයෝගික පරීක්ෂණ ලබන 23 වන දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින පුරා පිහිටුවා ඇති පරික්ෂණ මණ්ඩල 1205 දී ප්‍රායෝගික පරික්ෂණ පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර පෙරදිග හා අපරදිග සංගීතය, කර්නාටක සංගීතය, දේශිය සහ භරත නර්තනය සහ නාට්‍ය හා රංග කලාව විෂයන්ට අදාල ප්‍රායෝගික පරික්ෂණ එදිනට පැවැත්විමට නියමිතව තිබේ.
අයදුම්කරුවන් එක් ලක්ෂ 61,651 ක් ප්‍රායෝගික පරික්ෂණ සඳහා පෙනී සිටිමට නියමිත අතර පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත්, තැපැල් කර යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.