සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය - 2015, ලබන 08 වැනි ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 1,205කදී, පෙ.ව.9.00 සිට මධ්‍යහන 12.00 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම විභාගය සඳහා මෙවර අයදුම්කරුවන් 156,872ක් පෙනී සිටීමට නියමිතය.
විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, සියලු අයදුම්කරුවන් කාලසටහනට අනුව නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි.
මෙම විභාගය පිළිබඳ යම් විමසීමක් වේ නම්, 011-2784537, 011-2784208, 011-3188350 යන දුරකථන අංකවලට ඇමතීමෙන් පාසන් විභාග සංවිධාන ශාඛාවෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.