සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමට අදාළ කරුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය නිල සංචාරය තුළදී සාකච්ඡා කරන බව විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජනපතිවරයා ලබන 15 දා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව යන අතර එය ඔහුගේ ප්‍රථම රාජ්‍ය නිල සංචාරයයි. එම සාංචාරයට චම්පික රණවක මහතාද සහභාගී වන අතර එහිදී ගල් අඟුරු බලාගාරයට අදාළ කරුණු සාකච්ඡා කරනු ඇත.
බලාගාරය ඉදිකිරීමට අදාළ පරිසර වර්තාව සකස් කොට ඇති බවත් එය ඉදිරියේදී මහජන අදහස් සඳහා විවෘත කරන බවත් ඔහු කීය. එසේම බලාගාරය තව මාස 3 කින් ඉදිකිරීමට හැකිවනු ඇති බවද ඔහු පැවසීය.