වසවිස නැති ධාර්මික වී ගොවිතැනක් වැඩසටහන යටතේ කාබනික ක්‍රම මගින් පාරම්පරික වී වගා කිරීමට කැමති ගොවීන්ට නොමිලේ බිත්තර වී ලබාදීමට සැලසුම් කර තිබේ.
වගා අක්කරයකට ප්‍රමාණවත් බිත්තර වී නොමිලේ ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, මේ පිළිබඳව 0112426100 මගින් ක්ෂමා ආයතනය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.
මීට අමතරව කාබනික ගොවිතැනක් යටතේ දෙමහුම්වී වගාකරන වගාකරුවන්ට හා පාරම්පරික වී වගා කරන ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය ලබාදීමටද ක්ෂමා ආයතනය සැලසුම් කර තිබේ.
මැයි මස 12 වැනිදිනට හෝ ඊට පෙර වී වගා කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබෙන ගොවි ජනතාව සඳහා පාරම්පරික බිත්තර වී ලබාදීමට සැලසුම් කර ඇත.