අරණායක, එළඟපිටිය සාමර කන්ද නාය යෑම නිසා සිරිපුර, එළඟපිටිය හා පල්ලේබාගය යන ගම්මාන 03 නාය ගොස් තිබේ.
මෙම ගම්මාන 03 තුළ නිවාස 100 කට අධික ප්‍රමාණයක් තිබූ බවට වාර්තා වන අතර, පුද්ගලයන් 80 කට අධික ප්‍රමාණයක් සෝදිසි මෙහෙයුම්වලින් සොයාගෙන තිබෙන බවද වාර්තා වේ.
නාය යාම නිසා ජනතාව අනතුරට ලක්ව තිබේද යන්න සොයාබැලීම සඳහා පොලීසිය, හමුදාව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.