ශ්රී ලංකාවේ 28 වැනි පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමීව හා සාර්ථකව පැවැත්වීමට හැකිවීම පිළිබඳ එක්සත් ජාතීන් මහලේකම්වරයා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට සුබ පැතුම් පළ කර ඇත.
අද (19දා) සවස දුරකථනය ඔස්සේ ජනාධිපතිවරයා අමතා ඇති එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් මහතා මෙලෙස සිය සුභාශිංසන පළ කර ඇති අතර, එම මැතිවරණය ඉතා නීතිගරුකව, කිසිදු බලපෑමකින් සහ හිංසනයකින් තොරව පැවැත්වීමට හැකිවීම පිළිබඳවද ජනාධිපතිවරයාටත, රජයටත්, මැතිවරණ යාන්ත්රණයටත් සිය ප්රසාදය පළ කර ඇත.
මෙම තත්ත්වය ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය රජයන බවට මනා සාක්ෂියක් බව ජනාධිපතිවරයා ඊට ප්රතිචාර ලෙස මහලේකම්වරයට පවසා ඇත.