කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අධ්‍යයන කේන්ද්‍රය හා ජාත්‍යන්තර සබඳතා ඒකකය එක්ව සංවිධානය කරන නොබෙල් සාම ත්‍යාගලාභී තවක්කෝල් කර්මාන්ගේ 'My Journey Towards the Nobel Prize' යන මැයෙන් වන විශේෂ දේශනය හෙට (18දා) පෙ.ව 9.00 සිට පෙ.ව 11.00 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
දශකයකට වැඩි කාලයක් කාන්තා අයිතිවාසිකම් හා යේමනයේ සාමය ගොඩනැංවීම සඳහා අවිහිංසාවාදී අරගලයක නිරත මාධ්‍ය‘වේදිනියක මෙන්ම මානව හිමිකම් ක්රියාකාරිනියකද වන තවක්කෝල් කර්මාන්2011 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. ඇය නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ප්‍රථම යේමන් ජාතික හා අරාබි කාන්තාවද වන අතර මලාලා යුසුෆ්සායි හැරුණු විට නොබෙල් සාම ත්‍යාගය ලබාගත් ළාබාලතම මුස්ලිම් කාන්තාවද ඇයයි.
'යකඩ ගැහැනිය', 'විප්ලවයේ මව' යන නම්වලින් හඳුන්වන ඇය 2015 දී 'Women Journalists Without Chains' (WJWC) සංවිධානය පිහිටුවාගනිමින් යේමන මාධ්‍ය නිදහස, මානව හිමිකම් හා යේමනයේ කාන්තාවන්ට විවාහ වියහැකි අඩු වයස පිළිබඳ මතවාදය වෙනුවෙන් පෙනී සිටි සමාජ ක්‍රියාකාරිනියකි.