මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඩෙංගු රෝගය වැලඳුණු සිසු සිසුවියන් 12 දෙනෙකු අයි.ඩී.එච් උණ රෝහලට ඇතුළත් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම විභාග අපේක්ෂකයන් වෙනුවෙන් රෝහලේ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙන බවත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වෛද්‍යවරුන් අඛණ්ඩ නිරීක්ෂණයක නිරත වන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කර සිටියි.
මේ අතර අද (15දා) වනවිට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 47,900 ක් බවත් මියගොස් ඇති සංඛ්‍යාව 77 ක් වන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.