පැවැත්වෙමින් තිබෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් මෙතෙක් බරපතළ ගණයේ පැමිණිල්ලක් ලැබී නැතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මේ මස 06 වැනිදා සිට 17 වැනිදා දක්වා මධ්‍යස්ථාන 5,664කදී විභාගය පැවැත්වෙන අතර, විභාගය සඳහා ලක්ෂ 07කට අධික අයදුම්කරුවෝ පිරිසක් පෙනී සිටිති.
සිදුකරන ආරක්ෂිත වැඩපිළිවෙළ හේතුවෙන් විභාග අක්‍රමිකතා අඩුවී තිබෙන බවත්, විභාග අක්‍රමිතාවක් ඇතිවනවා නම්, ඒ පිළිබඳව 1911 ඔස්සේ සෘජුවම විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවද විභාග කොමසාරිස්වරයා පවසා සිටියේය.