අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසාන සතියේ නිකුත් කිරීමට හැකිවන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය සඳහා හයලක්ෂ හැටදහසකට ආසන්න ප්‍රමාණයක් විභාගයට පෙනී සිටි බවත්, එය වැඩිම පිරිසක් සහභාගී වූ විභාගය ලෙසද ඒ මහතා පවසා සිටියේය.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 05 වැනිදා අවසන් වන බවත් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට සිදුවුවත් ප්‍රතිඵල නිකුත් කිරීම සාමාන්‍ය වසරවල මෙන් මේ වසර තුළදීත් මාර්තු අවසාන සතියේදී නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙන බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.