මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් බාරගැනීම මේ මස 15 වැනිදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ අයදුම්පත් www.doenets.lkවෙබ් අඩවියෙන් බාගත කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
පෞද්ගලික අයදුම්කරුවන් තැපැල් මගින් අයදුම්පත් යොමු කළ යුතු වන අතර, පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවද ඔහු පවසා සිටියේය.
අයදුම්පත් බාර ගන්නා දිනය දීර්ඝ නොකරන බවත්, මේ අනුව මැයි 15 වැනිදාට හෝ එදිනට පෙර අයදුම්පත් ලැබීමට සැලැස්විය යුතු බවත් විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
එදිනෙන් පසු ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පවසා සිටියේය.