සාධාරණ සමාජයක් සදහා වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත පිරිසක් ඊයේ (12දා) සන්ධ්‍යාවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
වෘත්තීය සමිති වල ඉල්ලීම් හා යෝජනා පිළිබදව කළ මෙම සාකච්ඡාවට සාධාරණ සමාජයක් සදහා වන වෘත්තීය සමිති ව්‍යාපාරයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය, ලංකා ගරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින්, පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුඑ වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.