සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල
මහියංගණය කුරුවීතැන්න" සාධාරණන මුදලාලි නමින් ප්‍රකට තිස්ස හේවාවසම් මහතා මෙවරද විදුලි බලය නොමැති ගම්මානවල ජනතාව වෙනුවෙන් භූමිතෙල් වෙසක් දන්සලක් පැවැත්වීය.
මහියංගණ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරාව ගම්මානයේ අරාව මංසන්ධියේදී වෙසක් පෝයදා (29දා) 19 වැනි වරට පැවැති මෙම දන්සලෙන් භූමිතෙල් බෝතල් 272 ක් (භූමිතෙල් බැරලයක් ) පරිත්‍යාග කෙරිණ.
දිගුපෝලිම්වල සිට ජනයා සඳහා තේ පැන් සංග්‍රහක්ද පැවැත්විණ.
තම වෙළඳ සැලෙහි සාධාරණ මිලට බඩු අලෙවි කිරීමත් පාරිභෝගිකයන් තමන් විසින් භාණ්ඩ ලබාගෙන මුදල් හොර බොරුවක් නැතිව ලාච්චුවට දමා යාමත් නිසා හේවා වසම් මහතාට සාධාරණ මුදලාලි යන නමින් ඇමතීමට ගම්මු පුරුදුවී සිටිති.
මෙම වෙසක් දන්සලට අමතරව සාධාරණ මුදලාලි මේ වනවිට දිවයිනෙ දිස්ත්‍රික් 20 ආදායමක් නැති විහාරස්ථාන 110 ක විදුලි බිල්පත් ගෙවා ඇති අතර, එම බිල්වල බර කිලෝ 14යි ග්‍රෑම් 418 ක් බව සාධාරණ මුදලාලි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




