දකුණු ආසියාතික රටවල වෛද්‍ය විද්‍යාලයීය ඉදිකිරීමේ සැලසුම් දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
කොළඹ පැවති සාක් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සැසිවාරයේදී මෙම වෛද්‍ය විද්‍යාලය ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සාක් අධ්යක්ෂ ජනරාල්වරයා විසිනි. ඊට සෞඛ්‍ය අමාත්‍යවරයා පූර්ණ සහයෝගය පළ කළ අතර, එම වෛද්‍ය විද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලෙසට යෝජනා කළේය. ඒ අනුව එම වෛද්‍ය විද්‍යාලය මෙරට ස්ථාපිත කිරීමට අවධානය යොමුකර ඇති අතර, ඒ සඳහා මුදල් වෙන්කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
එම වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කිරීමෙන් පසු දකුණු ආසියාතික රටවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙරටට පැමිණ පහසු ගෙවීමේ ක්‍රම යටතේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ අවස්ථාව උදාවන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.