පානදුර ප්‍රදේශයේදී අද (01දා) සවස මැදිරියක් වෙන්වූ සාගරිකා දුම්රිය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ධාවනය වෙමින් පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.වී. ආරියරත්න මහතා පැවසීය.
ද්විත්ව දුම්රිය කට්ටලයක් ස්වයංක්‍රීය ඈඳුමෙන් වෙන්වීම නිසා මෙම මැදිරිය වෙන්ව තිබූ බව හෙතෙම කීය.
පානදුර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරත්ම දුම්රිය මෙසේ වෙන්ව තිබූ බවත්, මේ නිසා දුම්රිය ප්‍රමාදයක් සිදු වූ බවත් ආරියරත්න මහතා පැවසීය.
හික්කඩුව දුම්රිය ස්ථානයේදී මෙම දුම්රිය නතර කර පරීක්ෂණ අරඹන බවත්, ඒ සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පිටත්කර හැරි බවත් ඔහු ප්‍රකාශ කළේය. සාගරිකා දුම්රියේ සිටින ඉතිරි මගීන් රැගෙන යාමට හික්කඩුව බලා වෙනත් දුම්රියක් පිටත්කළ බවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
අමිත් මධුරංග / ඉන්දික මනෝජ් කුරේ