සාගර සම්පතෙන් ගත හැකි සැම වටිනාකමක් ම උපරිමයෙන් රටට උරුම කර දීම තම අපේක්ෂාව බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට අයත් ආයතන ප්‍රධානින් සහභාගිවූ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයෙදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අවස්ථාවේදී මේබව කීය.