නඩුවල සාක්ෂිකරුවන් හා අපරාධ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා කම්කරු සබඳතා ඇමති විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
නඩුවල සාක්ෂිකරුවන්, අපරාධ වින්දිතයන්, ඔවුන්ගේ ඥාතීන් හා සමීපතයන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම පනත ඉදිරිපත් කරන බව අවධාරණය කරන විජේදාස රාජපක්ෂ
මහතා සාක්ෂිකරුවන්ගේ වගකීම් මෙන්ම අයිතිවාසිකම් නීතිය මගින් සුරැකීමේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවද අවධාරණය කළේය.
සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත මගින් ඒ සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බවත්, යැයිද, එම අධිකාරියේ සාමාජිකයන් ලෙස අධිකරණ ඇමති, අධිකරණ අමාත්‍යාංශ ලේකම්, අතිරේක ලේකම්, මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව භාර ලේකම්වරයෙකුද පත් කිරීමට අදහස් කරන බවත් විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.
ඉතිහාසයේ පළමුවරට සාක්ෂිකරුවන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම පනත ඉදිරිපත් කරන බවත්, ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මෙම පනත සකස්කරන බවත් අධිකරණ රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.