විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩ් මහතා හා පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සාකච්ඡාවක් හෙට දිනයේදි අමාත්‍යවරයා ලබාදෙන බවට පොරොන්දු වූ බවත් එම සාකච්ඡාව අවසන් වන තෙක්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවත් ඔවුහු සඳහන් කළේය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය විකිණීමට විරුද්ධ බව සඳහන් කරමින් ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වෘත්තීය ක්‍රියාමාර්ගයක් අාරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් අද දිනයේදී ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු නොවුණි.
තෙල් ටැංකි සංකීර්ණය නොවිකුණන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තෙක් තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව එම සංගමය වැඩිදුරටත් පැවැසීය.