සා.පෙළ සියලුම විෂයයන් 7308ක් අසමත්
පසුගිය දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පිරිසෙන් 7308 දෙනෙකු සියලුම විෂයයන්වලින් අසමත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2016 වසරේදී එම ප්‍රමාණය 8900කි. උසස්පෙළ විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලැබූ පිරිස් ගණනය කිරීමේදී විභාගය සමත් ප්‍රතිශතයේ පළමු ස්ථානය හම්බන්තොට දිස්ත්‍රික්කයට හිමි වී තිබේ.
එම ප්‍රතිශතය 80.06%කි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 8913ක් වන අතර, එම පිරිසෙන් 7136ක් උසස් පෙළ විභාගයට පෙනීසිටීමට සුදුසුකම් ලබා ඇත.
80.03%ක් ලබා ගනිමින් මාතර දිස්ත්‍රික්කය ප්‍රතිශතයට අනුව දෙවැනි ස්ථානය හිමිකරගෙන තිබේ. එම දිස්ත්‍රික්කයෙන් පළමුවරට විභාගයට පෙනී සිටි ප්‍රමාණය 11772කි. සමත් ප්‍රමාණය 9421කි.
78.58෴ක ප්‍රතිශතයක් වාර්තා කරමින් ගාල්ල දිස්ත්‍රික්කය තුන්වැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර, එම දිස්ත්‍රික්කයෙන් 15,540ක් ප්‍රථම වරට විභාගයට පෙනී සිට ඇත. එම ප්‍රමාණයෙන් 12,211ක් විභාගය සමත් වී ඇත.
අඩුම පිරිසක් සමත් දිස්ත්‍රික්කය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය වන අතර, එම දිස්ත්‍රික්කයේ සමත් ප්‍රතිශතය 63.61%කි. එම දිස්ත්‍රික්කයෙන් 6065ක් විභාගයට පෙනී සිට තිබෙන අතර, සමත් ප්‍රමාණය 3858කි.
විෂයන් 05ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පදනම් කරගෙන මෙම ලේඛනය සකස් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

