අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රා‘යෝගික පරීක්ෂණ මේ මස 18 වැනිදා සිට මාර්තු 07 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව 18 වැනිදා සංගීතය (අපරදිග) විෂයෙහි ශ්‍රවණ පරීක්ෂණය පැවැත්වේ.
එමෙන්ම මාර්තු 02 වැනිදා සිට 07 වැනිදා දක්වා නාට්‍ය හා රංග කලාව (දෙමළ) විෂයන් සඳහා ප්‍රා‘යෝගික පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සෙසු විෂයන් සඳහා ප්‍රා‘යෝගික පරීක්ෂණ පැවැත්වීම ඉතිරි දිනවල සිදුකෙරේ.
මේ සඳහා නව විෂය නිර්දේශ යටතේ අපේක්ෂකයන් 174,507 දෙනෙකු පෙනී සිටීමට නියමිතය. පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් 5,093 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර, ප්‍රා‘යෝගික පරීක්ෂණ සඳහා සමස්ත අපේක්ෂකයන් 179,600 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්‍රා‘යෝගික පරීක්ෂණ මණ්ඩල1,632ක් යටතේ ප්‍රා‘යෝගික පරීක්ෂණ පැවැත්වේ.