අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 21 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අදාළ ප්‍ර‘වේශපත්‍ර විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන්ට පෞද්ගලික ලිපිනවලට තැපැල් කර යවා තිබෙන බවත්, ප්‍ර‘වේශපත්‍ර නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙසත් විභාග කොමසාරිස් ජනරාල් ඩබිලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ඉල්ලා සිටියි. පාසල් වෙත ප්‍ර‘වේශපත්‍ර මෙතෙක් ලැබී නොමැති නම් ඒ පිළිබඳව පාසල් ප්‍රධානීන්ගෙන් විමසිය යුතු බවද ඔහු පවසා සිටියේය.
ප්‍රා‘යෝගික පරීක්ෂණය සඳහා අයදුම්කරුවන් 161,651 ක් පෙනී සිටීමට නියමිත අතර, සංගීත විෂයයේ (අපරදිග) ශ්‍රවණ පරීක්ෂණ 21 වැනිදාත්, සංගීතය (පෙරදිග), සංගීතය (කර්ණාටක), නැටුම් (දේශීය), නැටුම් (භාරත), නාට්‍ය හා රංග කලාව, සිංහල, දෙමළ, ඉංග්‍රීසි විෂයයන් 23 වැනි දිනත් පැවැත්වේ.
සියලුම විමසීම් 0112 784 208, 0112 784 537, 0113 188 350 දුරකථන අංකවලට හෝ 0112 784 422 ෆැක්ස් අංකයෙන් විමසීම් කළ හැකිය.