දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම මේ මස 15 වන දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ දිනෙන් පසු ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මේ අනුව පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරයා මගින් හා පෞද්ගලික අයදුම්කරුවන් තැපැල් මගින් අයදුම්පත් යොමුකළ යුතු බවද පවසා සිටියේය.