මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත, එහෙත් තවමත් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට නොහැකි වූ සිසු සිසුවියන්ට විශේෂ එක්දින සේවාවක් හරහා හැඳුනුම්පත් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව නොවැම්බර් මස 21 වැනිදා මෙම විශේෂිත එක්දින සේවය ක්‍රියාත්මක වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර මහතා ප්‍රකාශ කළේය.
එදිනට සිසුන්ගේ දෙමාපියන්ට හෝ ගුරුවරුන්ට නිසි ලෙස පුරවන ලද අයදුම්පත්‍ර අදාළ සියලු ලේඛනද සමග දෙපාර්තමේන්තුවේ ඒ සඳහා වෙන්කළ කවුළුවෙන් ලබාදිය හැකිය. මේ සඳහා සිසුන්ගේ පැමිණිලි අනිවාර්ය නොවන බවද කොමසාරිස්වරයා පැවසීය.
මෙසේ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විශේෂ එක්දින සේවාවක් හඳුන්වාදීමට තීරණය කළේ දරුවන්ට ජාතික හැඳුනුම්පත් පිළිබඳව මතුව ඇති සියලු ගැටලු නිරාකරණය කරගැනීමට බවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර මහතා වැඩිදුරටත් පැවසුවේය.