මේ වසරේ සිට සාමන්‍ය පෙළ විභාගය ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන බවට අන්තර්ජාලය හරහා සිදුකරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වසරට අදාළ විභාග කාලසටහන එළිදක්වා තිබෙන බවත් මේ අනුව සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
විභාග පැවැත්වෙන දිනය වෙනස් කිරීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වා නොමැති බවත් සිදුකරන මෙම ප්‍රකාශ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බවද ඒ මහතා පවසා සිටියේය.