ස්වීඩන් රජ්ය නියෝජනය කරමින් ශ්රී ලංකාවට පැමිණි ස්වීඩන් විදේශ ඇමතිනී මාග්රට් වොල්ස්ටොම් මහත්මිය අද (25) දින කථානායක කරු ජයසුරිය මහතා සිය නිළ නිවසේ දී හමුවිය.
දෙරට අතර පවතින පාර්ලිමේන්තු සබඳතා මෙන්ම රාජ්යතාන්ත්රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව මෙන්ම ශ්රී ලංකාවේ ඉදිරි සංවර්ධන ක්රියාදාමයන්ට ලබා දිය හැකි සහාය පිළිබඳවද සාකච්ජාවේදී අවධානයට යොමු විය.
මේ අවස්ථාවට ශ්රීලංකාවේ ස්විඩන් තානාපති හැරල්ඩ් සෑන්ඩ් බර්ග් මහතාද එක්විය.