ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වන්නේනම් ඔවුන්ට පක්ෂයක් ලෙස කටයුතු කළ නොහැකි බවත්,ඔවුන් ස්වාධීන මන්ත්රීවරුන් ලෙස සලකන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙස විමල් වීරවංශ මහතා ඉල්ලා සිටි අවස්ථාවේ අග්රාමාත්යවරයා මේබව කීවේය.
මන්ත්රීවරයෙකු ස්වාධීන වුවහොත් එය වැළැක්වීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යටතේ තවදුරටත් ඉදිරිගමනක් නැතැයි තේරුම් ගැනීම සම්බන්ධයෙන් වීරවංශ මහතාට ස්තුතිවන්ත වන බවත් අගමැතිවරයා ප්රකාශ කළේය.