"අධිකරණයේ විනිසුරුවන් කරන්න ඕන දෙය දේශපාලඥයො කළා. දේශපාලඥයන්ගෙ රාජකාරි සමහර විනිසුරුවන් කළා. දේශපාලඥයන්ට තනි රකින්න සමහර විනිශ්චයකරුවන් ගියා. මේක තමයි මේ රටේ පසුගිය කාලෙ තිබූ බේදවාචකය. අපි රට භාරගන්නා විට අධිකරණය කෙරෙහි තිබූ ජනතා විශ්වාසය 25% ක් නම් පසුගිය දින 30 - 32 කාලය තුළ එය 90% ක් තරම් වැඩි වී තිබෙනවා." යැයි අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (17දා) උඩුගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙනුවට නව දිසා අධිකරණයක් ස්ථාපිත කොට එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"රටේ යුක්තිය, සාධාරණත්වය පිළිබඳව බරපතළ විවේචන, අප්‍රසාද එල්ලවෙමින් පැවතුණු යුගයක් අපි පසුකරගෙන ආවා. ස්වාධීන අධිකරණ ක්‍රමයක් නැත්නම් ප්රජාතන්ත්රවාදය සිහිනයක් පමණයි. ඒ ගැන කතා කිරීමත් නිෂ්ඵලයි
පසුගිය කාලෙ මේ රටේ අධිකරණය පිළිබඳව රටේ ජනතාවගෙ විශ්වාසය බරපතළ ලෙස බිඳවැටී ඇති බව අපි දැක්කා. විනිසුරුවන්, නීතිඥ ප්‍රජාව, අධිකරණයට සහය වන අනිකුත් සේවාවන්, පොලීසිය, බන්ධනාගාරය මේ සියලුදෙනාගේම සාමූහික ප්රයත්නය ඇතිවයි මෙය ඉදරියට ගෙන යා හැක්කේ.
අපි මහජන බදු මුදල් රුපියල් කෝටි ගණනක් අධිකරණයේ නඩත්තුව වෙනුවෙන් වැයකරනවා. නමුත් විනිසුරු අසුනේ වාඩිවෙන විනිසුරුවන් දෙන තීන්දුව නිවැරදි නොවේ නම් අර සෑම සතයක්ම අපරාධයක්."යැයි පැවසීය.
ජිනේෂ් නානායක්කාර/ රවින්ද්‍ර ශ්‍රී ලාල්