ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයට වසර තුනක් පුරාවට සිදුකරන තර්ජන, පහරදීම් සම්බන්ධව නිසි විමර්ශනයක් සිදුකර වරදකරුවන්ට දඬුවම් දෙන ලෙස ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පොලිස්පතිවරයාට පැමිණිලි කළේය.
ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතා මෙලෙස වෙළෙඳ සංකීර්ණයට පැමිණ එම වෙළෙඳුන්ට තර්ජනය කරන බවත් මේ දක්වා එය නැවතී නොමැති බවත් එම පැමිණිල්ලේ සඳහන් වෙයි.