ස්වදේශ කටයුතු අමාත්‍යවරයා රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා මෙම ක්‍රියාව නවතා දමන ලෙසට එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (19දා) අගමැතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබේ.
ඉදිරියේදී රාජ්‍ය සේවයට එක්වීමට සිටිනා පිරිසක් අමාත්‍යවරයාගේ ගාල්ලේ පිහිටි කාර්යාලයට කැඳවා මෙම දේශපාලන කටයුත්ත සිදුකිරීමට නියමිත බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
හෙට (20දා) සවස ගාල්ලේ පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙසට ලිපි මගින් දැනුම්දී තිබෙන බවත්, ලිපියේ ශීර්ෂයේ සඳහන් කර තිබෙන්නේ රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් බවත් අදාළ ලිපියේ පෙන්වාදී තිබේ.