දකුණු අප්‍රිකානු නාවික හමුදාවට අයත් “ස්පිඕන්කොප්” (South African Navy Ship - SAS Spioenkop) යුද නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි බව නාවික හමුදාව පවසයි.
ඊයේ(12) දිනයේදී කොළඹ වරායට ළඟාවූ එම නෞකාව සහ කාර්ය මණ්ඩලය නාවික සම්ප්‍රදායනුකුලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලද බවත් අනතුරුව “ස්පිඕන්කොප්” හි අණදෙන නිලධාරී කපිතාන් එම්ඒ බවුචර් මහතා (Captain M.A. Boucher) බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත වීතිබේ.
“ස්පිඕන්කොප්” නෞකාව පෙබරවාරි මස 4 වන දින සිට 8 වන දින දක්වා ඉන්දියාවේ විශාකාපට්නම් හි පැවැත්වුනු 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුමට (International Fleet Review 2016 – IFR, Vishakhapatnam, India) සහභාගී වීමෙන් අනතුරුව ඉන්දියාව, බ්‍රසීලය හා දකුණු අප්‍රිකානු නාවික හමුදාවන් එක්ව ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතIBSAMAR (India-Brazil-South Africa Maritime) නාවික අභ්‍යාසයට (Multinational Naval Exercise) සහභාගී වීම සඳහා යන අතරතුර කොළඹට ලඟා වූ අතර පෙබරවාරි 15 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව සමග “ස්පිඕන්කොප්” නෞකා මුළුව ඒකාබද්ධ ක්‍රියාකාරකම් කිහිපයක සහභාග වීමටද නියමිත බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි